බදුරලිය පාසලකට අත්බෝම්බ දැමීම කඩාකප්පල් ක්‍රියාවක්

May 24, 2019

බදුරලිය ප‍්‍රදේශයේ පාසලකට අත්බෝම්බ ගෙනවිත් දැමීම කඩාකප්පලකාරි පිරිසකගේ ක‍්‍රියාවක් බව පොලිසිය පවසයි.

මෙම බෝම්බ පාර්සලය තැබීම පාසල් පවත්වාගෙන යාමට එරෙහිව හා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් කළ දෙයක් බව පොලිසිය පවසයි.

බෝම්බ ඇටවීමට පැමිණියේ නම් එයට ජීව උණ්ඩ අවශ්‍ය කරන්නේ නැති බවද, අත්බෝම්බ සියල්ල එකට බද්ධ කළ ද ඒවා ඉබේම පුපුරා නොයන බවද, ඒ අනුව මෙය සිසුන් පාසලට පැමිණෙන විට දැක කලබලයක් නිර්මාර්ණය කර යළිත් පාසල් වසා දැමීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් කර ඇතැයි ද පොලිසිය පවසයි.

පොලිසිය මෙසේ සඳහන් කරන්නේ බදුරලිය ප‍්‍රදේශයේ පාසලක තිබී අත්බෝම්බ 13ක් හමුවිම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඊයේ (23) රාත‍්‍රියේ පාසල අසලින් ගමන් ගත් අයෙකු දුන් තොරතුරක් අනුව කළ සෝදිසියකදී මෙම අත්බෝම්බ සහිත බෑගය පංති කාමරයක් අසළ තිබී සොයාගෙන ඇත. ජීව උණ්ඩ කීපයක් හා වයර් කැබැල්ලක් ද මෙම බෑගයේ තිබී හමුවී තිබේ.

මෙම පාසලේ මුරකරුවෙක් සිටින අතර පාසල් සිසුන්ගේ පියවරුන් දෙදෙනෙක් ද එදින මුර සේවයට සහය පිණිස පාසලේ සිට ඇත. කිසියම් පුද්ගලයෙක් පාසල් වත්තේ සිට පැන දුවනු දුටු ගම්වැසියෙක් ඒ බව මුරකරුට පවසා තිබේ. ඒ අනුව සෝදිසි කිරිමේදි අත්බෝම්බ සහිත බෑගය හමුව ඇති අතර පසුව ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

t

o

p