බ්‍රිතාන්‍ය අගමැතිනි මේ ඉවත් වෙන්න තීරණය කරයි

May 24, 2019

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව කියා සිටියාය.

” බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (Brexit) සම්බන්ධයෙන් තමන් හැකි පමණින් උත්සහ කල බවත් එය සාර්ථක වුයේ නැති බවත් ඇයි ප්‍රකාශ කළාය. ඒ සදහා මම අවස්ථා තුනකදී උත්සහ කළා. බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වශයෙන් සේවය කිරීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකනවා වගේම මෙය සෑම දෙනාටම නොලැබෙන අවස්ථාවක්” යැයි සිය සමුගැනීමේ නිවේදනය සිදුකරමින් තෙරේසා මේ පැවසුවාය.

තමන් නියෝජනය කරනු ලබන කොන්සෙකටිව් පක්ෂයේ නායකත්වයෙන් ද  එළඹෙන ජුනි මස 07 වෙනිදා ඉල්ලා අස්වෙන බව ඇය මෙහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කළාය.

t

o

p