පාස්කු ප්‍රහාරයට සැක පිට තවත් 5 ක් හොරොව්පතානෙන් අල්ලයි

May 24, 2019

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්ථවාදීන් සමඟ සබඳතා පැවැත් වු බවට සැකපිට තවත් සැකකරුවන් 5 දෙනෙක් අද(24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොව්පතාන පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම සැකකරුවන්ගෙන් තිදෙනෙක් හිජ්ජාපුර කැබිතිගොල්ලෑව යන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

එක් අයෙක් ඇල්ලවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අනෙක් පුද්ගලයා කිවුලේකඩ, හොරොව්පතාන ලිපිනයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙක් ලෙස කටයුතු කරයි.

මොවුන් 5 දෙනා රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මොවුන්ගේ ඇති සම්බන්ධතාවයන් ගැන වැඩිදුර පරීක්ෂණයන් හොරොව්පතාන පොලීසිය විසින් සිදු කරයි.

t

o

p