හදිසි නීතිය යළි මසකින් දීර්ඝ කෙරේ.

May 22, 2019

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යොමු කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (22) නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා විසින් අපේ‍ර්ල් මස 22 දින හදිසි නීතිය රටට පනවමින් හදිසි නීති ගැසට් නිවේදනය නිකුත් කළ අතර එය නැවතත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නික්තු කර තිබේ. එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට යොමු කර ඇති අතර එය ඉදිරියේදි විවාද කොට සම්මත කර ගැනීමට නියමිතය.
හදිසි නීතිය පැනවීමෙන් පසු එය මසකින් දීර්ඝ කිරීමේ පළමු අවස්ථාව මෙය වේ. මෙම සතියේදීම එය විවාදයට ගෙන සම්මත කර ගැනීමට ද නියමිතය.

t

o

p