පාස්කු ප්‍රහාරය ගැන සොයනා කමිටුවත් පාර්ලිමේන්තු උණුසුම අස්සේ සම්මත වේ

May 22, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට තේරිම් කාරක සභාවක් පත් කළ යුතු යැයි ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කර තිබු යෝජනාව සභාවේ ඇතිවූ උණුසුම්කාරි වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේදි අද (22) සම්මත විය.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 39 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කර තිබු අතර එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුනි. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේම මෙම යෝනජවද සම්මත කර ගන්නා ලදි.
2019 අපේ‍ර්ල් 21 දා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාවනවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නමින් මෙය නම් කර තිබුනි. එහිදි ප්‍රහාර පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදි එවැනි ප්‍රහාර වලක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු රාජ්‍ය යන්ත්‍රයේ අඩු පාඩු සොයා බැලීය යුතු බවට යෝජනා කර ඇත.

t

o

p