රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙයි

May 21, 2019

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත අද (21)  භාර දුන්නේය.

පෙරවරු 10.00 ට පමණ කථානායක කාර්යාලයේදී එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදුන් බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටි බව සඳහන්ය.

රට තුළ පවතින අනාරක්ෂිතභාවය, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම යන කරුණු මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව එරෙහි විශ්වාසභංග යෝජනාවලියේ දැක්වේ .

t

o

p