යුද්ධයට දස වසර සැපිරීම, පාස්කු ප්‍රහාරය වෙනුවෙන් අරලිය මැදුරේ පිංකම්

May 20, 2019

යුද්ධය නිමවී වසර 10 ක් සම්පූර්ණ වීම හා යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ට සහ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මිය ගිය අයවෙනුවෙන් පිං පමුණුවීමත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීම ඇතුළුව අරමුණු කිහිපයක් පෙරදැරි කර ගෙන ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය වැඩමවීමෙන් අරලියගහ මන්දිර භූමියේ රෝපිතව වැඩ වසන ජය ශ්‍රී මහා බෝධි ශාඛා වහන්සේ අභියසදී බෝධි පූජාමය පිංකමක් ඊයේ (19) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ රජයේ මැති ඇමැතිවරු හා බෞද්ධ පිංවතුන් රැසක් එම බෝධි පූජාමය පිංකමට සහභාගිවූ අතර, බෝධි පූජාව ආරම්භ කිරීමට මත්තෙන් අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුවේ සිට මහා සංඝරත්නය පෙරහරකින් බෝධීන් වහන්සේ අභියසට වැඩම කරන ලදී.

සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක හිමිගේ අනුශාසනා පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම බෝධි පූජා පිංකම සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ දක්ෂිණ පළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී කෙහෙඹියේ විජිත නාහිමිපාණන්, රාමඤ්ඤ මහා නිකායේ සමයෝජක ආචාර්ය කරකෝලේ පියදස්සි නාහිමි, එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් නාලාන්දාරාමාදිපති පූජ්‍ය තිනියාවල පාලිත නාහිමි, එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ උත්තරීතර උපදේශක දර්ශනපති කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණ ජයවික්‍රම පෙරේරා, එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, කම්කරු හා වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, හර්ෂණ රාජකරුණා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ බැතිමත්හු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

PM templtrees 2PM templtrees

t

o

p