ජවිපෙන් සමස්ත ආණ්ඩුවටම එරෙහි විශ්වාසභංගයක්

May 20, 2019

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, හෙට (21) දිනයේ දී මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට බාර දීමට කටයුතු කරන බවයි.

පාස්කු බෝම්බ ප්‍රහාරයේදි මෙන්ම 13 වෙනි දින රටේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරි සිද්ධින් වන බව දැන දැනම ඒවා පාලනය කිරීමට උත්සාහ නොකිරීම මත මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව අනුර දිසානායක මහතා කීවේය.

t

o

p