පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයා රදවාගෙන ප්‍රශ්න කරයි

May 20, 2019

ජාතික තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට අවසර ලබා දී තිබේ.

ඒ අනුව දින 90 ක කාලයක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර පාර්ලිමේන්තු භාෂා පරිවර්තක නිලධාරියා තවුහිද් ජමාත් සංවිධානයේ දීර්ඝ කාලීන ප්‍රබල සාමාජිකයෙකු බව අනාවරණය වී තිබේ.

එමෙන්ම ඔහු ජාතික තවුහීද් ජමාත් සංවිධානය විසින් දිවයින පුරා පවත්වන ලද දේශනා මාලාවේ ප්‍රධානතම දේශකයෙකු ද වන බව වාර්තා වෙයි.

ජමාල් ඩී. ජවුශාඩ් නමැති අදාළ භාෂා පරිවර්තක නිලධාරියා වසර 12ක කාලයක සිට පාර්ලිමේන්තුවේ සේවය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

t

o

p