චීන සමුළුවට ගිය එකම විධායක ජනාධිපති මෛත්‍රී පමණයි

May 16, 2019

චිනයේ බීජිං නුවර පැවැත්වෙන ආසියානු ශිෂ්ඨාචාර (සංස්කෘතික) සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් අතරින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුවිශේෂී පිළිගැනීමක් හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) මුලීකත්වයෙන් සංවිධානය කරන ආසියානු ශිෂ්ඨාචාර (සංස්කෘතික) සමුළුව ඊයේ (15) ඇරබිනි.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ග්‍රීසියේ ජනාධිපති පොරොකොපිස් පව්ලෝපෝලාස් (විධායක බලතල නැති), සිංගප්පූරු ජනාධිපතිනි හලිමා යාකොබ් (විධායක නොවන), කාම්බෝජයේ රජු වන නොරොඩොම් සිහාමොනි (විධායක නොවන) සහ ආමේනියාවේ අගමැති නිකොල් පසිනියාන් යන නායකයින් බීජිං සමුළුවට සහභාගී වී සිටියහ.
සමුළුවට සහභාගී වී සිටින නායකයින් අතරින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සුවිශේෂි පිළිගැනීමක් හිමිව ඇති අතර චින ජනාධිපති ෂී ජින් පින් මහතා පළමුවෙන්ම මුණ ගැසුණු නායකයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චින සංචාරය අතරතුරදි රටට වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවද විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

t

o

p