වයඹ හා මිනුවන්ගොඩ ගැටුම් වෙසක් නවතන්න – බුද්ධි අංශ කියයි

May 16, 2019

වයඹපළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් උත්සවය මුළුමණින්ම කඩාකප්පල් කිරීම සඳහා කළ ඒවා බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා මගින් රජයට දැනුම් දී තිබේ.
වයඹහා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව හොදින් සැලසුම්සහගතව කෙරී ඇති බවත් ඉහත ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රබලයන් ඵටින බවත් රජයට ඉදිරිපත් කළ බුද්ධි අංශ වාර්තාවේ සදහන්වේ.
සිද්ධියට අදාළ බුද්ධි වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ බාර දුන්නේය.
පාස්කු ප්‍රහාරය අති වී සති 3 ක් ගතවී තිබියදී වෙසක් සතියේම ඉහත සිද්ධීන් ඇති කිරීම මගින් වෙසක් උත්සවය කඩකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව ඉහත බුද්ධි අංශ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
අයි.එස්.අයි.එස් සංවිධානයේ මරාගෙන මැරුණු කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ බිරිදකගේ ගම වන හෙට්ටිපොල ප්‍රදේශයේ කඩාකප්පල්කාරී සිද්ධින් ඇති කර ඇත්තේ ඉතාමත් හොදින් සංවිධානය වී බවද රාජ්‍ය බුද්ධි වාර්තාවේ සඳහන් වේ.
රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) දහවල්ම ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමග සාකච්ඡා කරනු ලැබීය.

t

o

p