දමුල්ල අනතුරින් තිදෙනෙකු මරුට හයක් තුවාල

May 16, 2019

ඒ නවය ප‍්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව මාර්ගයේ මඩාටුගම ප‍්‍රදේශයේදී වැන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුනලා ගැටීමෙන් ඊයේ (15) පස්වරු 2.00 ට පමණවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් සයදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ. තුවාලකරුවන් අතර හිමිනමක් වයස අවුරුදු 05 ක් වන දැරියකද සිටිති,
වෑන් රථයේ ගමන්කළ පිරිස අනුරාධපුර ජයශ‍්‍රී මහ බෝ සමිදුන් අභියස පැවති ආගමික කටයුත්තකට සහභාගිවී යළි තම ගම් ප‍්‍රදේශය වන මාතලේ- මහවෙල-රතල වැව බලා එමින් සිටියදී දඹුල්ල දෙස සිට කැකිරාව දෙසට ධාවනයවූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ සරත් කුමාර වීරසේකර (48 * සුභාෂා නිවන්ශනී විරසේකර(15 *කුමාරිහාමි රන්දෙනිය(42 * යන තිදෙනාය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ දඹුල්ල, අතාබැඳිවැව ශ‍්‍රි බෝධිරුක්ඛරාම විහාරවාසී හේන්පිටගෙදර චන්ද්‍රරතන හිමි (38 * ආසිරි රධිකා හෙට්ටිආරච්චි (42 * හන්ෂලි විහන්ෂා වීරසේකර (05 *සෞභාග්‍ය දේවින්දි විරසේකර(11 *හේමා කුමාරි දැරණියගල (68 * රියදුරු තෙල්දෙණිය,සන්දසිරිගම පදිංචි සුමිත් කුමාර (30 * යන සයදෙනාය.
කැකිරාව පොලිසිය වැඞ්දුර පරීක්ෂණ සිදුකරය

t

o

p