ත්‍රස්ත විමර්ශන අංශය සී අයි ඩී යට

May 16, 2019

 

ශ්‍රි ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ.

මීට පෙර ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවතුණි. පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම කොට්ඨාශය ඔහු යටතට පවරාගෙන තිබුණි.

නමුත් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

t

o

p