ප්‍රහාරයන්ගෙන් පසු සංචාරක කර්මාන්තයට මොකද වෙන්නේ

May 13, 2019

රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැළකිල්ලකට ගනිමින් පසුගිය වසරවලට සාපේක්ෂව මෙම කාලය තුළදී සංචාරකයින් මෙරටට පැමිණීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමකට පවතින බව වාර්තා වෙයි.

කල්පිටිය මුහුදු තීරය හා ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථිකයට විදෙස් මුදල් ගෙන එනු ලබන ප්‍රධානතම සංචාරක පුරවරයක් ලෙසට ප්‍රසිද්ධයි.

කයිට් සර්ෆින් ක්‍රීඩාවට හා තල්මසුන් නැරඹීමට ලංකාවේ ඇති මුහුදු තීරයන්ගෙන් ප්‍රධාන තැනක් උසුලන කල්පිටිය මුහුදු තීරය හා ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තය රට තුළ පවතින තත්ත්වය හමුවේ මේ වන විට දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව එම කර්මාන්තයේ නියැලෙන පිරිස් පෙන්වා දෙයි.

විදේශිකයින් මේ සම්බන්ධයෙන් පවසා සිටින්නේ, ලංකාව දැන් නැවතත් ආරක්ෂිතයි බවයි.

පසුගියදා එක් ප්‍රහාරයක් එල්ල වු අතර එය ත්‍රස්තවාදි ප්‍රහාරයක් බවත් පවසා සිටින මොවුන් එවැනි ප්‍රහාර ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයකටත් එල්ල වු බවද කියා සිටියේය.

මේ අතර සංචාරකයින් බහුලව පැමිණෙන බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නගරයේ දී සංචාරක හෝටල්වලටද මෙම තත්ත්වය දැඩිව බලපා තිබේ.

සංචාරක හෝටල් පවත්වාගෙන යනු පිරිස් පෙන්වා දෙන්නේ මේ වන විට බදුල්ල, බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශයන්වලට සංචාරකයින්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් තමන් ආර්ථික අතින් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි.

t

o

p