මැතිවරණය වෙනුවෙන් අාබාධිතයින්ගේ හා තරුණයින්ගේ තොරතුරු ඉල්ලයි

May 10, 2019

2019 ඡන්දහිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද මහජනතාවට සම්පූර්ණ කිරීම සඳහා ලබාදෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව ආකෘති පත්‍ර රජයට අමතරව ලබාදෙන ලේඛනයේ වයස අවුරුදු 15 සිට 18 දක්වා වූ පිරිස් සම්බන්ධයෙන්ද තොරතුරු ඇතුළත් කළ යුතුය.

ආබාධිත පුද්ගලයින් සීටි නම් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ද එම ලේඛණයේ ඇතුළත් කළ යුතු බව සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මෙරට මේ වන විට ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි දත්ත පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මැතිවරණ අවස්ථාවන්වලදී ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවිශ්ඨ වීම සඳහා ආබාධිත පුද්ගලයින්ට පහසුකම් සැළසීම මෙම වැඩපිළිවලේ අරමුණ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මේ අතර ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමුවනදා සිට සිදුකිරීමට නියමිතය.

t

o

p