පොත් වෙනුවට මිනිසුන් සිටින පුස්තකාල..

May 3, 2019

Human Library කියන සංකල්පය පටන් ගත්තේ ඩෙන්මාර්කයේ තරුණයන් පස්දෙනෙක්.

දැන් එය ලෝකයේ වෙනත් රටවලත් ප්‍රචලිතයි. මේ මිනිස් පුස්තකාල වල පොත් නෑ. ඉන්නෙ මිනිස්සු. ඔවුන් මෙයට පැමිණෙන පාඨකයන් සමඟ ඔවුන්ගේ, ඔවුන් දන්නා හඳුනන අයගේ ජීවිත කතාවන්, අත්දැකීම් බෙදාගන්නවා.
එවැනි අත්දැකීම් බෙදා ගන්නා අය විවිධයි. යුද්ධයේදී මිනිස්කම්/ නොමිනිස් කම් අත්විඳි හමුදා සෙබළුන්, ජාතිවාදයෙන් / ආගම් වාදයෙන් බැට කෑ පිරිස්, දුප්පත් කමේ පතුලේම සිට ජීවිතය ජයගත් පිරිස්, පොහොසත් කමේ උපරිමයේ සිට සියල්ල අත්හල පිරිස්, මානසිකව පීඩා විඳ ජීවිතය නැවත ඇරඹූ පිරිස්, කරදර අමතක කර හැමදාම සතුටෙන් ජීවත් වෙන අය, සාහිත්‍යය හදාරපු අය වැනි විවිධ අය මෙහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
ඔවුන්ගේ ජීවන අත්දැකීම්/ කතාන්දර මිනිස්කම් වැඩි දියුණු කරනවා.

පොත් වෙනුවට මිනිස්සු. ගොළු හදවත් වෙනුවට, කතාකරන හදවත්.
Janaka Boralessa

t

o

p