ෆේස්බුක් ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යාමට සූදානමක් – පරිවර්තන සමූහය

April 29, 2019

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.

මෙලෙසේ තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.

 

රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම වන අතර කුඩා දරුවාගේ පටන් මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු අතර පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිලිබද විෂය කරුණු එක් කලයුතු බව අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස රජයට දැනුම්දෙමු.

t

o

p