පොල්ගාන්නේ නැතුව ප්‍රතිත්‍රස්ත පනත වහාම පාර්ලිමේන්තුවට ගේන්න – අගමැති

April 29, 2019

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ඕනෑම රටක ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව පියවර ගැනීමේ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තු කමිටුවේ සිරකර ගනිමින් පෛාල් ගාන්නේෙ නැතිව වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (28) පැවසීය.

2017 වසරේ ඔක්තෝම්බර් 09 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිත්‍රස්ත පනත එම වසරේ සැප්තැම්බර් 17 වනදා ගැසට් කරනු ලැබුව ද මේ වන තෙක්ම එය පාර්ලිමේන්තු කමිටුව තුළ සිරවී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
මේ පනත සම්මත කර තිබුණේ නම් පාස්කු දින සිදුවූ විනාශය සම්පූර්ණයෙන්ම පාහේ නතර කර ගැනීමට තිබුණේ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කොළඹඅරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

ප්‍රතිත්‍රස්ත පනත යටතේ ඕනෑම ත්‍රස්තවාදී සංවිධානයකට විරුද්ධව ක්‍රියා කළ හැකි ආකාරය 15 V , 20 (ඇ) සහ 25 ධ්ධ් වගන්තිවල මෙසේ දැක්වේ.

ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටා ඇති යම් කාර්යාල පරිශ්‍රයක් තුළදී හෝ එවැනි ව්‍යවස්ථාපිත මණ්ඩලයට යම් සේවා නියුක්තිකයෙකුගේ පදිංචි ස්ථානය තුළදී සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ සිදු කරන යම් තැනැත්තෙකුට මේ පනත යටතේ වරදක්, ජාත්‍යන්තර සාමය ආරක්‍ෂා කරන මෙහෙවරක් කරන පුරවැසියෙකු හෝ ශ්‍රී ලංකා පුරවැසියෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජයට අයත් යම් දේපොළක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ දේශයේ හෝ ඉන් පිටතදී සිදු කරන යම් තැනැත්තෙකුට වශයෙනි.

ප්‍රතිත්‍රස්ත පනතට ඇතුළත් කරන ඉහත වගන්තිය මගින් ශ්‍රී ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක කරන ත්‍රස්ත කණ්ඩායම්වලට නීති පියවර ගැනීමට අවකාශ සැලසෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

t

o

p