අන්තර්ජාල හරහා ත්‍රස්ථවාදය වැපිරිමට වැට බදින්න ප්‍රංශය හා නවසීලන්තය එක්වේ

April 25, 2019

අන්තර්ජාලය හරහා ජාතිවාදය සහ අන්තවාදය පැතිරීම පාලනය කිරීම කෙරෙහි නවසීලන්ත සහ ප්‍රංශ නායකයන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේදී සහ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් අනතුරුවය මෙලෙස අවධානය යොමුව ඇත ඒ අනුව නවසිලන්ත අගමැතිනිය හා ප්‍රංශ ජනාධිපතිවරයා අතර හමුවක් ලබන මස මැදදී පැවැත්වීමට නියමිතය.

ඉකුත් මාර්තු 15 වන දා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ මියගියේය.

එහිදී තුවක්කුකරු ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවි ලෙස එම සංහාරය විකාශය කිරීමටත් පියවර ගෙන තිබුණි.

ඒ සමඟ වර්ගවාදය පැතිරවීම පාලනයට අසමත් වීම සම්බන්දයෙන් ෆේස්බුක් සමාගම දැඩි විවේචනයටත් ලක්ව ඇත.

ලොව විශාලතම සමාජ ජාල අඩවිය වන ෆේස්බුක් ලොව පුරා පරිශීලකයන් බිලියන දෙකයි දශම හතක් පමණ භාවිතා කරනු ලබයි.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසුව වාර්තාවූ විශාලතම ත්‍රස්තවාදී ප්‍රහාරය පුද්ගලයන් 359කට මරු කැඳවිමන් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවයි.

මෙම ආසන්නතම සිදුවීම් දෙකෙන් පසුව සමාජ ජාල ඔස්සේ ජාතිවාදය සහ අන්තවාදය පැතිරීම පාලනය කිරීමට ප්‍රංශය හා නවසීලන්තයේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් අතර හමුවක් මැයි මස 15වන දා පැවැත්වෙනු ඇත.

එමෙන්ම මේ සඳහා ලෝක නායකයන් මෙන්ම තාක්ෂණිත සමාගම්වල ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමටත් ඔවුන් බලාපොරොත්තුවේ.

කෙසේ වෙතත් මෙම ප්‍රයත්නය කිසිසේත්ම ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක් නොවන බව පැවසූ ජසින්ඩා ආර්ඩේන් එය අන්තර්ජාලය හරහා ත්‍රස්තවාදය සහ වර්ගවාදය පැතිරවීම හේතුවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ ප්‍රයත්නයක් පමණක් බවද අවධාරණය කර සිටියේය.

 

t

o

p