VPN භාවිතා කොට කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි පරිවර්තන සමූහය කියයි

April 24, 2019

ෆෙස්බුක් පිටු භාවිතා කරමින් අසත්‍ය ප්‍රචාර කරන බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනය කරයි. එම සංවිධානයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

පවතින තත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වූ අසත්‍ය ප්‍රචාර නිමක් නැතිව සංසරණය වන බව දක්නට ලැබුණු අතර අසත්‍ය තොරතුරුවලින් බොහොමයක්VPN යෙදුම හා සම්බන්ධ වූ අතර අනෙක් පණිවිඩ ජනතාව බියවැද්දවීමට ප්‍රචාරය කරන ලද ඒවා බව තහවුරු වේ. විශේෂයෙන්ම මෙම පණිවිඩ වට්සැප් යෙදුම හරහා වට්සැප් සමුහයන් වෙත ප්‍රචාරණය වූ අතර එම සමුහයන් තුල සිටිනා පරිශීලකයන් කිසිදු සොයාබැලීමකින් තොරව එම අසත්‍ය තොරතුරු බෙදාහදාගැනීමක් සිදුකරන ආකාරය දැකගැනීමට හැකිවිය.විශේෂයෙන්ම ඊයේ 23 “රට රාත්‍රී 12 සිට හමුදා පාලනයකට, VPN භාවිතා කරන්නන් පොලිස් අත්තඩංගුවට” වැනි පණිවිඩ හා “BBC වාර්තාකරණ ආකාරයට මෙම සතිය පුරාම ත්‍රස්ත ප්‍රහාර” වැනි ශ්‍රව්‍ය පට ව්ට්සැප් හරහා ඉතාමත් වැඩි වශයෙන් ප්‍රචාරය වුනු අතර ෆේස්බුක් අඩවියෙහි “FBI WILL DEPLOYED IN SRI LANKA FOR FUTHER INVESTIGATIONS” “BREAKING NEWS අද මධ්‍යම රාත්‍රී 12ට රට හමුදා පාලනයකට බාරදෙයි” වැනි ජනතාව නොමග යවනසුලු පොස්ටු ෆේස්බුක් පිටු කිහිපයක් මගින් පළකර තිබූ අතර අසත්‍ය ප්‍රචාර පැතිරූ එක් ෆේස්බුක් පිටුවක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය මගින් කටයුතු කරනු ලැබූ බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස දැනුම් දෙමු.

ෆේස්බුක් පිටු මගින් හා වට්සැප් යෙදුම හරහා අසත්‍ය ප්‍රචාර සිදුකරන්නේ යම් සංවිධානාත්මක පිරිසක් බව හා මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවත් මේ වනවිට ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වන අප හදුනාගෙන ඇති අතර මේ පිලිබදව අදාළ බලධාරීන් රටේ ආරක්ෂක අංශ වලට දැනුම් දී වහාම මේ පිලිබදව සොයා බලා අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන ලෙසත් මෙය රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් සිදුකල හැකි දෙයක් බැවින් වහාම මේ පිලිබදව සොයාබලන ලෙස අදාළ බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ඉල්ලා සිටිමු. තවද අන්තර්ජාලය තුල මුලාශ්‍ර නොමැති අසත්‍ය ප්‍රචාර පැතිරීම පිලිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස සියලුම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.තවද මුලාශ්‍ර නොමැති පුවත් පිළිගැනීමට යාමෙන් වලකින ලෙසත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

t

o

p