පුපුරණ ද්‍රව්‍ය සවි කළ වාහන සහ යතුරු පැදි ගැන විමසිලිමත් වන ලෙස පොලිසිය අනතුරු අගවයි

April 23, 2019

පුපුරණ ද්‍රව්‍ය සවිකරන ලද වාහන සහ යතුරු පැදි කිහිපයක් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දී ඇති බව පොලිස් තොරතුරු වාර්තා කරනවා.

මේ අනුව පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැකකරෙන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිලිබදව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. මිට අමතරව පුගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන වෙත මෙම වාහන සහ යතුරුපැදි සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. මෙම වාහන සහ යතුරු පැදි වල බවට සැකකරෙන අංක තහඩුවල අංක පවා එම පොලිස් ස්ථානවලට ලබාදී ඇති අතර එම වාහන සොයා ගැනීමට හැකි වුවහොත් බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සහය ලබා ගන්නා ලෙස වැඩිදුර උපදෙස් ලබාදී තිබේ.

ඊයේ (22) දින කොළඹ කොච්චිකඩේ ජින්තුපිටිය මංසන්ධිය ආසන්නයේදී මේ ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය යොදවා සකස් කර තිබු වෑන් රථයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගන්නා ලදි.

සැකකටයුතු වාහන සහ පාර්සල් සම්බන්ධයෙන් තොරතුරැ ඇත්නම් අංක 116 යටතේ දැනුම් දෙන ලෙස ගුවන් හමුදාව මහ ජනතාවට දැනුම් දෙයි.

 

t

o

p