රටතුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙනවා – විපක්ෂ නායක

April 23, 2019

රටතුළ ජාතික ආරක්ෂාව තහවුරැ කිරීමට අදාල රජයේ ආයතනවලට විපක්ෂයක් ලෙස සම්පුර්ණ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද මහින්ද රාපක්ෂ මහතා පැවසුවේය. විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඒවෙනුවෙන් අද (23දා) කැදවු විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයේදීය.

දකුණු ආසියාවේ සිදුවුණු දරැණුතම ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය මෙය බව පැවසු මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

වසර 30 ක් පුරාවට පැවති යුද්ධය 2009 මැයි 19 දා අවසන් කළ පසුව අපි කවුරුවත් හිතුවේ නැහැ මෙවැනි සිද්ධීන් නැවතත් දකින්න ලැබෙයි කියලා. ඒ යුද්ධය අවසන් වීමේ 10 වැනි සංවත්සරය අපි සමරන්න හිටියේ ලබන මාසේ. නමුත් ඒ අවුරුදු 30 ක යුද්ධයේදීවත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ත්‍රස්ත්‍රවාදීන් සැලසුම්කරපු කිසිම ප්‍රහාරයකදී මෙවැනි  දරුණු ව්‍යවසනයක් සිදුවුණේ නැහැ. දකුණු ආසියාවේ සිදුවුණු දරුණුතම ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය මෙයයි. මේ තරම් දරුණු ආකාරයට රටතුළ ත්‍රස්ත්‍රවාදය හිසි එසඋනේ කොහොමද කියලා පාර්ලිමේන්තුව සලකා බලන්න ඔන.

2015 ජනවාරියේදී මම නව ජනාධිපතිවරයාට භාර දුන්නේ සම්පුර්ණයෙන්ම සුරක්ෂිත රටක්. ජාතික ආරක්ෂාවට මොනම ආකාරයේවත් තර්ජනයක් ඇති නොවන ආකාරයේ  බුද්ධි අංශ ශක්තිමත් කරලා තිබුණේ. අපේ ආණ්ඩුව යටතේ මේ වගේ දෙයක් සිදුවෙන්න කොහොමවත් ඉඩක් තිබුණේ නැහැ.

පාස්කු ඉරිදා සිදුවුණු මේ ඛේදවාකයට සම්පුර්ණයෙන්ම වග කියන්න අවශ්‍ය ආණ්ඩුව. මේවගේ සිද්ධියක් සිදුවෙයි කියලා පොලිසියෙන් කලින් දැනුම්දී තිබුණා. නමුත් ඒ දැනුම්දීමෙන් පසුව ආණ්ඩුවේ අය කළේ මොකද්ද? අඩුමගානේ පල්ලිවලටවත් දැනුම්දුන්නේ නැහැ.  පාස්කු ඉරිදා වගේ වැදගත් අවස්ථාවක දේව මෙහෙයන්වලට සාමාන්‍යෙයන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් සහභාගී වෙනවා . මේ පාර පමණක් එහෙම කිසිම නියෝජිතයෙක් පල්ලිවල හිටිය බවට පෙනෙන්න නැහැ.  මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ බලයට පත්වුණ දවසේ ඉදලා කළේ යුද්ධට අවසන් කරපු විරෝධාර ආරක්ෂක අංශ සමාජිකයින් හා බුද්ධි අංශ සාමාජිකයින් දඩයම් කරපු එකයි. මොන පක්ෂයක ආණ්ඩුවක් තිබුණත්  මේ රටේ ආරක්ෂාව තහවුරැ කරන්න ඔන බුද්ධි අංශ.

ඉරිදා සිද්ධිය ඇතිවුණෞ නිළධාරීන් එක්කෙනෙක් දෙදෙනෙක්ගේ අතපසු වීමකිවන් නොවෙයි. කවුරු හෝ නිළධාරියෙක් බිල්ලට දීලා ආණ්ඩුව අත හෝදගන්න හදනවා. මේ නිසා ඉල්ලා අස්වෙන්න ඔන ආණ්ඩුව. මගේ ආරක්ෂක නිළධාරීන්ටත් ඒ අනතුර හැගවීම එවලා තිබුණට ඒ අය මාව දැනුවක් කළේ නැහැ. එවැනි දෙයක් මම කලින් දැනගෙන හිටියනම් මම කාදිනල්තුමාට දැනුම් දෙනවා. මෙවැනි ත්‍රස්ත්‍ර ප්‍රහාර නිසා සංචාරක ව්‍යාපාරයට විතරක් නෙවෙයි විදෙස් ආයේජනයටත් මරු පහරක්. මෙම ත්‍රස්ත්‍රවාදය ඉතාම තීරණාත්මක ලෙස පරාජයට පත්කරන්න ඔන.

විපක්ෂයක් හැටියට අපි ජාතින ආරක්ෂාව තහවුරැ කරන්න අදාල රජයේ ආයතනවලට සම්පුර්ණයෙන්ම සහයෝගය දෙනවා.  නිතිය අතට ගන්නේ නැතිව කාටවත් ඇගිලි දිගු කරන්නේ නැතිව මේ  ප්‍රශ්නය විසදන්න ආරක්ෂක අංශ වලට සහයෝගය දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ආණ්ඩුවට ප්‍රශ්න කිහියක්ද ඉදිරිපත් කළේය.

මෙම ප්‍රහාර වලට වගකිවයුතු සංවිධාන ගැන මුලින්ම තොරතුරැ ලැබුණේ කවදාද? වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රෑම් 100 ක් සොයාගැනීම් ගැන විමර්ශන කළේ කවුද ? මේ සම්බන්ධයෙන් හිරභාරයට ගත් සැක කරැවන් කවුද ? එය ආරක්ෂක කවුන්සිලයට වාර්තා කලාද? ඒගැන ගත් පියවර මොනවාද ? සැකකරැවන් නිදහස් කිරීමට කිසිවකු හෝ ඉල්ලීම් කළාද? අප්‍රේල් මාසය තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීමට යන බවට වාර්තා තිබුණාද ආදී ප්‍රශ්න කිහිපයක් හෙතෙම ඉද්රිපත් කළේය.

t

o

p