පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ ශෝකය පළ වේ

April 23, 2019

පාස්කු ඉරිදා වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු පුද්ගලයන්ට ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුව තුළ ද විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් ඊයේ (23) පළ කෙරුනි.

කතානායක කරු ජයසූරිය මහතා දිනට නියමිත ලිපිලේඛන හා දැනුම් දීම් කිරිමෙන් පසු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු නැගි සිට විනාඩි දෙකක කාලයක් නිෂ්ශබ්දව සිටිමින් සිය ශෝකය පළ කරනු ලැබීය.

අද දිනය ජාතික ශෝක දිනයක් බැවින් පාර්ලිමේන්තුව තුළද විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පළ කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පළ කරනු ලැබීය.

 

t

o

p