අයි්‍ෆල් කුළුනේ විදුලි බුබුළු නිවාදමා ලංකාවට සොව බළ කරයි

April 22, 2019

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිපල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබිණ.

මේ අතර පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ 21 වෙනි දින රාත්‍රියේ අයිපල් කුළුණ පරිශ්‍රයේදී සාමකාමී උද්ඝෝෂණණයක් පැවැත්වූහ.

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගස්යායේ ඥාාණිස්සර හිමි, පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කෝ. ආනන්ද හිමි ඇතුලු ස්වාමීන්වහන්සේලා හා ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති බුද්ධි ආතවුද මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

t

o

p