අවුරුදු උණුසුම අතරතුර ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ මාධ්‍ය නැවතත් බිද වැටේ

April 16, 2019

පසුගිය මාසයෙහි සිදුවූ දැවැන්ත බිදවැටිමට මාසයක කාලයක් යාමට මත්තෙන් නැවතත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ මාධ්‍ය 14 දා  මෙරට වේලාවෙන් අවුරුදු උදාවට පසුව බිදවැටිමකට ලක්ව තිබෙන අතර මෙම බිදවැටීම ලොවපුරා රටවල් කිහිපයකට තදින්ම බලපා තිබෙන බව පරිවර්තන සමූහය පවසයි.විශේෂයෙන්ම එංගලන්තයෙන් මෙම ෆේස්බුක් සමාජ මාධ්‍ය බිදවැටීම පිලිබදව වාර්තාවී ඇති අතර මේ හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයන් ෆේස්බුක් ආයතනය පිලිබදව දැඩි කනස්සල්ලෙන් පසුවෙතැයි Twitter සමාජ මාධ්‍ය පරිශීලකයන් අවධාරණය කර සිටියි.

 

මෙම බිදවැටීම සිදුවූ අවස්ථාවේ ෆේස්බුක් ඩොමේන් නාමය භාවිතයේ නොමැති බව සදහන් වී ඇති අතර ව්ට්සැප් පරිශීලකයන්ට පණිවිඩ යැවීමට සහ ලැබෙන පණිවිඩ ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.මෙම බිදවැටීම බොහෝදුරකට යතාතත්වයට පත් කිරීමට ෆේස්බුක් ආයතනය සමත් වුවත් තවත් විශාල වශයෙන් පරිශීලකයන් ප්‍රමාණයක් මෙම බිදවැටීමට මුහුණදෙන බව තවමත් වාර්තාවේ.මෙම බිදවැටුම සම්බන්ධයෙන් Twitter අඩවියෙහි ටිවීට් 37000 කට අධික ප්‍රමාණයක් Twitter පරිශීලකයන් විසින් පළකර ඇති අතර මෙම බිදවැටුම ශ්‍රී ලංකාවේ වෙසෙන බහුතරයක් වූ සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බලනොපා ඇති අතර එහෙත් සැලකිය යුතු ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයකට බලපා ඇතිබව දැනගන්නට ලැබේ.

 

t

o

p