ජනාධිපතිධූර කාලය ගැන විමසිම කාලය හා මුදල් නාස්තියක් – ආචාර්ය අසංග වැලිකල

April 11, 2019

වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ කවරදාද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙයට මාස 15 කට පෙර පැහැදිලි ලෙසම නිරවුල් කර තිබියදී, නැවත වතාවක් එම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිඅකරණයෙන් විමසීම අනවශ්‍ය සහ නිශ්ඵල ක්‍රියාවක් බව එක්සත් රාජධානියේ එඩින්බර්ග් නීති විද්‍යාලයේ ආචාර්ය අසංග වැලිකල මහතා පවසයි.

ආචාර්ය අසංග වැලිකල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය පස් අවුරුදු ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 08 වනදාද, නැතහොත් 2020 ජුනි 20 වනදාද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරර මහතා විසින් කළ ප්‍රකාශයකට අදාළ මාධ්‍ය වාර්තා කෙරෙහි ප්‍රතිචාර දක්වමින් වැලිකල මහතා මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර තිබේ.

මෙම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙයට මාස 15 කට පෙර ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබියදී, මේ සඳහා නැවතත් අධිකරණයට යාම සඳහා වැයවන නීතිඥයන්ගේ, අධිකරණයන්හි සහ පරිපාලන නිලධරයන්ගේ කාලය සඳහා වියදම කරන්නේ මහජනතාවගේ බදු මුදල් බවත්, එය ජනාධිපතිවරයා සතු නොදැනුවත්කම වෙනුවෙන් රටවැසියනට ගෙවන්නට සිදුවී ඇති වන්දියක් බවත් ආචාර්ය අසංග වැලිකල මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය වැලිකල මහතා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ එඩින්බර්ග් මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂවරයාද වේ.

 

t

o

p