හදුනා නොගත් මත් පෙති සමග වැල්ලේ සාරංග අල්ලයි

April 10, 2019

මට්ටක්කුලිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (09) සිදු කල විශේෂ මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර ලාල්ගේ ගොලයෙකු වන වැල්ලේ සාරංග ඇතුලු සැකකරුවන් පිරිසක් මත්ද්‍රව්‍ය හා මත්පෙති  ආදිය සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මට්ටක්කුලිය,කදිරාන වත්තේ සිදු කල මෙහෙයුමකදි රුපියල් විසිපන්දහසක් වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 2500 ක්, රුපියල් අටදහස් පන්සියයක් වටිනා අයිස් මිලිග්‍රෑම් 1150 ක් ද රුපියල් 307,760 ක මුදල්ද සමගින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම රුපියල් අනු හතර දහස් දෙසියයක් වටිනා හඳුනා නොගත් මත්පෙති 314 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් හතලිස් දෙදහසක් වටිනා අයිස් මිලිග්‍රෑම් 6000 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් හත්දහසක් වටිනා අයිස් මිලිග්‍රෑම් 825 ක් ළඟ තබාගෙන සිටියදිය.

කදිරාන ප්‍රදේශයෙන් පසු රොක් හවුස් ප්‍රදේශයේ මෙහෙයුමක් සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින්ට එහිදි අයිස් මිලිග්‍රෑම් 157084 ක්, හෙරොයින් මිලිග්‍රෑම් 88 ක් හා කඩුවක් සමග ගමගේ සාරංග ප්‍රදිප් නොහොත් වැල්ලේ සාරංග (29) අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු දැනට ප්‍රංශයේ වෙසෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර ලාල් පිරිස් හෙවත් කුඩු ලාල් රූබන්ගේ ගේ ගෝලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සියලු දෙනා මට්ටක්කුලිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

 

ශානි පොල්ගම්පල

 

t

o

p