කෙසෙල්වල කාබයිඩ් රසායනිකය ඇත්දැයි සොයන මෙවලමක් ජපුරෙන්

April 5, 2019

කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ‘ඉදවන ලද’ පළතුරු සොයා ගැනීම සඳහා, ජංගම දුරකතන යෙදවුමක් නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී තිබේ..

මේ වනවිට කෙසෙල්වල කාබයිඩ් තිබේදැයි යන්න සෙවීම සඳහා මෙම දුරකතන යෙදවුමෙන් හැකියාව පවතින බවත්, ඉදිරියේ දී අඹ සහ ගස්ලබු පළතුරු සඳහා යොදා ගැනීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මෙම නිර්මාණය සිදු කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආහාර සැකසුම් තාක්ෂණික සිසුන් විසින් සඳහන් කරන ලදී..

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘Innovate Sri Lanka 2019’ ප්‍රදර්ශනයේ දී මෙම නිමැවුම එළිදක්වා ඇත..

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වුණි…
 

 

t

o

p