සිංහල අවුරුදු නිවාඩුව වෙනුවෙන් ලබන 15 දා රජයේ නිවාඩු දිනයක් කිරිමට කැබිනට් අනුමැතිය

April 2, 2019

සිංහල දමිළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ලබන 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02දා) පාර්ලිමෙන්තු සංකීරණයේදී කැබිනට් රැස්වීම පවත්වන ලදි.
එළැඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් 15 වන සදුදා , 16 වන අගහරුවාදා සහ 17 වන බදාදා රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
දින 03 ක් රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත්කළ හැකිද යන්න මෙහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින් අතර සාකච්ඡා වී ඇත.
ඒ අනූව එක් දිනයක් පමණක් නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

t

o

p