වත්තල ඉඩමකට ‍ජෝන් – ලන්සා පාර්ලිමේන්තුවේදි ගැටෙයි

March 29, 2019

වත්තල නගර සභා බල ප්‍රදේශයේ ඇති ඉඩමක් විකුණා රුපියල් ලක්ශ 3000ක මුදලක් ගසා කෑමට නගර සභාපති සහ එජාප මන්ත්‍රිවරුන් කටයුතු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී ඊයේ(28) ඉල්ලීමක් කළේය.
මේ ගැන තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද මන්ත්‍රීවරයා කීවේය.
මීට අමතරව බස්නාහිර නගර සංවර්ධන ඇමතිවරයා මගින් වෙනම පරීක්ෂණයක් කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. මේ අවස්ථාවේ ජෝන් අමරතුංග ඇමතිවරයා නැගී සිටිමින් එම කරුණු ප්‍රතික්ශේප කළේය.
“මම ඔබතුමා සම්බන්ධයි කියල කිවුවේ නෑ.තොප්පිය හරිනන් දාගන්න. වත්තල ඉඩම් ටික ඔක්කොම ගොඩකරනවා.මේ සල්ලි ඔබතුමාට ගියා ද මම දන් නෑ.” ලන්සා කීවේය.
“තොප්පිය ගැන මගෙන් අහගන්න එපා. මේකට මහ ඇමති අවසර දුන්නා. මොනාද මේ කියන්නේ” ජෝන් අමරතුංග කීවේය.
“හරි පරීක්ෂණයක් තියමු. මම මන්ත්‍රීකම ඔට්ටු දානවා. මේක මහා මන්කොල්ලයක්” ලන්සා කීවේය.
“බොරු කියන්න එපා.”ජෝන් අමරතුංග කීවේය.
” මේ ඉඩමේ පර්චස් 77ක් තියනවා. පර්චස් එකකින් ලක්ශ 34 පාඩු කරලා. ඒවා බෙදාගෙන තියෙන්නේ”යැයිද ලන්සා මන්ත්‍රීවරයා කීවේය.

t

o

p