වත්තල ASB රෙදි පිළි අලෙවි සැලේ ගින්නෙන් දැඩි හානි

March 25, 2019

වත්තල ,හැඳල  පිහිටි සිව්මහලකින් සමන්විත ASB රෙදි පිළි අලෙවි සැලේ ඊයේ (24) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් රෙදිපිලි අලෙවිසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන ඇති බව වත්තල පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රි 8.30 ට පමණ මෙම ගින්න ගබඩා කාමරයකින් හටගෙන ඇති බව පැවසේ. වත්තල පොලිසියට නුදුරින් පිහිටා ඇති මෙම රෙදිපිලි අලෙවිසැලේ ගින්න  හේතුවෙන් මීගමුව කොලඹ ප්‍රධාන මාර්ගය වත්තල පොලිස් ස්ථානය අසලින් ඊයේ රාත්‍රියේ තාවකාලිකව වසා දැමිමටද කටයුතු කෙරුණි.

ගින්න මැඩපැවැත්වීම සදහා පැලියගොඩ සහ කොළඹ ගිනි නිවීමේ රථ,වත්තල පොලිසිය හා නාවික හමුදාවද එක්ව  උත්සහ කලද එය ව්‍යර්ථ වි තිබේ.

ගින්න මැඩපවත්වා තිබුනද ඉන් අද (25) දින උදෑසනත් විශාල දුම් පිටවෙමින් පැවැති අයුරු දැකගත හැකි විය.

ගින්නෙන් වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර වත්තල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.Watthala Fire

Watthala Fire. 1 Watthala Fire. 3 Watthala Fire. 5

t

o

p