නැදුන්කර්නි රක්ෂිතයේ නිදන් හෑරූ පූසාරියා ඇතුළු හතරක් පුරාවස්තු සමග අල්ලා ගනියි

March 23, 2019

අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව පැවසෙන නැදුන්කේනි –කාංචනාමොටේ පුරාවිද්‍යා රක්ෂිතයේ මිලකල නොහැකි පුරාවිද්‍යා වස්තුන් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු බැකෝ යන්ත්‍රයක් , ත්‍රිරෝද රථයක් සමගින් පුලියන්කුලම පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මඩකලපුව, ත්‍රිකුණාමලය, තලවකැලේ හා මරතෝඩි ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි.
මඩකලපුවේ පදිංචි පුද්ගලයා වාරික ගෙවිමේ ක්‍රමයට බැකෝ යන්ත්‍රයක් මිලදි ගෙන තිබෙන අතර එහි වාරික අටක් වු රුපියල් හයලක්ෂ හතලිස් දහසක් ගෙවිම ඔහුට අතපසු වි ඇති බව පොලිසිය පවසයි. මුල්‍ය සමාගම විසින් බැකෝ යන්ත්‍රය නැවත රැගෙන යන බවට සැක කල ඔහු බැකෝ යන්ත්‍රයත් රැගෙන පුලියන්කුලම ප්‍රදේශයට පැමිණ තිබේ.
එහි මරතෝඩි ගම්මානයේ රැදෙමින් කුලි වැඩ කරමින් සිටියදි ඔහුට මෙම පුරා විද්‍යා වස්තුන් පිලිබඳ දැන ගැනිමට හැකිව තිබේ. ඔහු ත්‍රිකුණාමලයේ සිටින මිතුරෙකු හා තලවකැලේ පුසාරිවරයෙකු ගෙන්වා ගෙන ඊයේ සන මෙමරක්ෂිතයටඇතුලූ වි ඇත්තේ පුරා වස්තු ගොඩ ගැනිමටය.
රක්ෂිතයට බැකෝ යන්ත්‍රයක් යනවා දුටු ප්‍රදේශවාසින් මේ පිලිබඳ පුලියන්කුලම පොලිසියට දන්වා තිබේ.ඒ අනුව ක්‍රියාත්මක වු පුලියන්කුලම පොලිසිය අදාල ස්ථානයට යනවිට සැකකරුවන් වලක් හාරා පුරා වස්තුන් රැසක් ගොඩට ගෙන තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ.
කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක්, ගලෙන් නෙලනලද සමාධි බුදු පිලිමයට සමාන බුදු රුවක සිරසක්, විශාල මැටිපහනක්, මැටි වලින් නිර්මාණය වු කොත් වහන්සේලා දෙනමක්, දේව රූප හා කුඩා බුදුපිලිම රැසක් ඇතුලූව යන්ත්‍ර මන්ත්‍ර සඳහා යොදා ගත් මල්පහන් ආදිය මෙහිදි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මරතෝඩි ගම්මානයේ සඟවා තිබු සැකකරුවන්ට අයත් ත්‍රිරෝද රථයක්ද මෙහිදි අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත වව්නියා දිස්ත්‍රික් භාර නියොජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් මත කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සනත් තෙන්නකොන් මහතාගේ අධික්ෂණයෙන් පුලියන්කුලම පොලිස් අධිකාරි ජගත් පොන්සේකා මහතාගේ මෙහෙයවිමෙන් පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුපුල් විදානගේ මහතා ඇතුලූ නිළධාරින් කණ්ඩායමක් මෙම වැටලිම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Vauniya archilogical 3 Vauniya archilogical 2

t

o

p