විධායකය අහෝසි කරන්න රනිල් ජවිපෙට එකග වෙයි

March 22, 2019

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය එකග බව රනිල් වික‍්‍රමසිංහ මහතා අද (22) ජනතා විමුක්ති පෙරමුණට පවසා ඇත.

කෙසේ වෙතත් එජාපය පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ වශයෙන් නිසා එම පෙරමුණේ සිටින සුළු පක්‍ෂ සමගද මේ සම්බන්ධව සාකච්ඡා කර සිය තීරණය ඉදිරි දිනක ජවිපෙට දැනුම් දීමටද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එකගවී ඇත.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළේය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් ජවිපෙ වෙනුවෙන්ද අගමැතිවරයා සමග මලික් සමරවික‍්‍රම මහතා එජාපය වෙනුවෙන්ද මෙම සාකච්ඡාවට සහභාගීවුහ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එජාපය ප‍්‍රතිපත්තිමය වශයෙන් එකග බවද පක්‍ෂ සම්මේලනයේදී ද මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇතැයි රනිල් වික‍්‍රමසිංහ මහතා තම කණ්ඩායම හමුවේ කී බවත් විජිත හේරත් මහතා කීවේය.

පාර්ලිමේන්තුවේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව අද පස්වරු 2.00 ට පැවැත්විණි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන විසිවැනි ුාණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජවතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගත යුතුව ඇත.

මේ සදහා සහාය ලබා ගැනීමට ජවිපෙ මේ වන විට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග පසුගිය සති දෙකේදී සාකච්ඡා කරන ලදි.

ඉදිරි සතිවලදී රවුෆ් හකීම්, මනෝ ගනේෂන් , පලනි දිගම්බරන් සහ රිෂාඞ් බදියුඞීන් යන සුළු පක්‍ෂ නායකයින් සමගද ජවිපෙ සාකච්ඡුා කිරීමට නියමිතය.

 

t

o

p