එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ දී පැවැත්වීමට තීරණය වේ

March 22, 2019

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැුළිය කොළඹදී පැවැත්වීමට තීරණය විය. ඒ පසුගියදා (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසුවේ කම්කරුවාට නිසි තැන හිමිවන යුගයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙවර කම්කරු දිනයේදී වැඩකරන ජනතාව එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට සූදානම් බවයි.
කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැුලිය පැවැත්වීමටත්, එය පැවැත්වෙන ස්ථානය ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය. කෙසේ වෙතත් කොළඹ නගර සභාව ඉදිරිපිටදී එය පැවැත්වීම සුදුසු බවට යෝජනා වූ බවද එය ඇතැම් විට ඉදිරියේදී වෙනස් විය හැකි බව පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
එමෙන්ම මැයි දින රැළියේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට කමිටුවක් පත් කෙරුණු බවත්, සභාපති, ලේකම්, නියෝජ්‍ය නායක, වෘත්තීය සමිති ලේකම්, ජාතික සංවිධායක යන පක්‍ෂයේ නියෝජිතයින් ඊට ඇතුලත් බවත් ඔහු කියා සිටියේය.

t

o

p