හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලා හොර 1000 නෝට්ටු 32 ක් අල්ලයි

March 21, 2019

ව්‍යාජ මුදල් මුද්‍රණය කර ඒවා සංසරණය කිරිමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිව් දෙනෙකු ව්‍යාජ දහසේ මුදල් 32 ක් හා ව්‍යාජ පන්සියයයේ මුදල් 07 ක් සමග කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) සවස දිප්පිටිගොඩ ප්‍රදේශයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත දිප්පිටිගොඩ ප්‍රදේශයේදි පළමුව ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 05 ක් හා ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 03 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදුකල මුලික ප්‍රශ්න කිරිම් වලදි හෙලිව ඇත්තේ තවත් පුද්ගලයෙකු විසින් ඔවුන්ට මෙම මුදල් නෝට්ටු ලබා දි ඇති බවය.ඒ අනුව කැළණිය, දිප්පිටිගොඩ  නිවසක් පරික්ෂා කිරිමේදි ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 27 ක් ව්‍යාජ රුපියල් 500 නොට්ටු 04 ක් හමු වි ඇත.එමෙන්ම අඩක් නිමකරන ලද දහසේ නොට්ටු 02 ක්ද පන්සියයයේ නොට්ටු 02 ක්ද ,මෙම මුදල් මුද්‍රණයට යොදා ගත් පරිගණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද සමගින් ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් 26,24,19 වියේ පසු වන කැළණිය ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසකි.

කිරිබත්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p