මිරිස්සට සංචාරක පොලීසියක්

March 21, 2019

දකුණු වෙරළ තිරයේ සංචාරකයින් වැඩිපිරිසක් ආකර්ශනය කර ගන්නා මාතර,මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කටයුතු පුලුල් කරමින් සංචාරක පොලිසියක් පිහිටුවිමට සංචාරක අමාත්‍යාංශය තිරණය කර තිබේ.

මිරිස්ස ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම සංචාරක පොලිසිය පිහිටුවනු ලැබේ.

ඒ අනුව හෙට (22) දින වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු සහ වනජිවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙකි මිරිස්ස සංචාරක පොලිසිය විවෘත කෙරේ.

මේ වන විට මේ සඳහා පොලිස් නිළධාරින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දුන් බවද සංචාරක පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විදානගම මහතා පවසයි.

 

t

o

p