බෙලිඅත්ත විපක්ෂ නායකට වෙඩි තබයි. තුවාලකරු රෝහලේ

March 20, 2019

ශානි පොල්ගම්පොල

බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද(20) උදෑසන ඒ මහතාගේ නිවසට ගිය ඔහුගේ ඥාතියෙකු විසින් කපිල අමරකෝන් මහතා වෙඩි වැදී බිම වැටී සිටිනු දැක ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

එහිදී තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p