අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමග අල්ලයි

March 20, 2019

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන කඩුවෙල බබි නැමැත්තා හෙරොයින් සහ කේරළ ගංජා සමඟ කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කඩුවෙල, පිට්ටුගල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු ඊයේ(19) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

“කඩුවෙල බබී” යන අන්වර්ත නාමයෙන් හදුන්වන මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

t

o

p