ත්‍රිවීලරයෙන් වැටුණු මිත්තණිය නිවසේ වැටුනායි කී මුණුපුරා රිමාන්ඩ්

March 18, 2019

නිවසේදි වැටුණා යැයි පවසා රෝහල් ගත කර සිටි මිත්තණියක් මිය යාමෙන් අනතුරුව කල පශ්චාත් මරණ පරික්ෂණයේදි  ඇය රිය අනතුරකට ලක්ව මිය ගොස් ඇති බවට හෙලි වුවායැයි  කඩවත පොලිසිය පවසයි.

කඩවත,ඉහළ බියන්විල පදිංචිව සිටි රොසලින් නැමැති අසු හැවිරිදි මහළු මව මෙසේ මිය ගොස් තිබේ.

ඇය ඉකුත් 16 දා පෙරවරුවේ සිය දියණියගේ පුතණුවන් (මුණුපුරා  ඔහුගේ බිරිඳ හා දරුවා ) සමග ත්‍රිරෝද රියෙන් කඩවතට පැමිණ ඇත්තේ පිං පඩිය ලබා ගැනිම සඳහාය. එහිදි මිය ගිය කාන්තාව ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ දකුණු පස අසුන්ගෙන සිට ඇත.

කඩවත සිට පැමිණ ගනේමුල්ලට පිවිසෙන වටරවුම් පාර අසලදි ත්‍රිරෝද රථය පැදවු මුණුපුරා එක්වරම ත්‍රිරෝද රථයේ තිරිංග තද කර තිබේ.ඒ ඉදිරියෙන් වාහනයක් පැමිණි නිසා බව පැවසේ.එහිදි පිටුපස සිටි මිත්තණිය ත්‍රිරෝද රථයෙන් එළියට විසි වි බිම වැටි ඇත.

එහිදි ඇයට බාහිරින් තුවාලයක් දිස් නොවු හෙයින් මුණුපුරා මිත්තණිය කැටුව කඩවත මහා විද්‍යාලය අසල සිටින ලොකු අම්මා ගේ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවා එහි නවතා ලොකු අම්මාගේ පුතා සමග මිත්තණියව රැගෙන රාගම රෝහලට ගොස් ඇත.

එහිදි මිත්තණියව රෝහල් ගත කර ඇත්තේ නිවසේ පඩි පෙලෙන් වැටුණ බව පවසාය.එදිනම දහවල් මිත්තණිය මිය ගොස් ඇති අතර පෙරේදා (15) දිනම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා ඇත.එිහිදි අනාවරණය වි ඇත්තේ ඇගේ ශරිරයේ ඉලකටු එකක් හැර සියල්ල කැඩි ‍ගොස් ඇති බවත් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවත්ය.

ඒ අනුව හදිසි මරණ පරික්ෂකගේ නියමෙන් කඩවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කරනු ලැබිය.එහිදි ඔහු විසින් මෙම කරුණු අනාවරණය කර තිබේ.ත්‍රිරෝද රථයේ රියදුරු වු මුණපුරා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ රිය අනතුරු වසන් කිරිමේ වරදටය.

t

o

p