අපරාධකරුවන්ට ව්‍යාජ ලිපි ලේඛන සැකසු කච්චේරියක් අල්ලයි

March 18, 2019

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බුම්මාගේ ගෝලයින්ට වාහන වලට ව්‍යාජ ලියකියවිලි සැකසු ස්ථානයක් ඊයේ (17) දින ජා ඇල ,තුඩැල්ල ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා කූඨ ලෙස සකසන ලද ලියකියවිලි රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන මෙහෙයුම් අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත තුඩැල්ල,මිගෙල් සෙනෙවිරත්න මාවතේ පවත්වාගෙන ගිය මෙම හොර කච්චචේරිය වටලා ඇත.

එහි තිබි ව්‍යාජ ලෙස සකස් කරන ලද රජයේ ලිපි ලේඛන 63 ක්, ව්‍යාජ ලෙස සකස් කල මුද්‍රා 52 ක්, සේවක අර්ථසාධක සාමාජික කාඩ්පත් 33 ක් පොලිසියට හමුව තිබේ.

ඉකුත් දිනදි ජා ඇලදි අත්අඩංගුවට පත් වු බුම්මාගේ ගෝලයින් වන සංඛට හා මලිඳුට අවශ්‍ය සියලුම කූඨ ලේඛන සකසා දි ඇත්තේද මෙම ස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වි තිබේ.

t

o

p