නිධන් හෑරුවැයි ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවක්

March 18, 2019

වව්නියාව ඊච්චන්කුලම ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක පුද්ගලයින් පස් දෙනෙකු නිධන් සෙවිමේ සිද්ධිය සම්බන්දයෙන් නිසි පරික්ෂණයක් නොකිරිම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා මුලතිව් පොලිස් කොට්ඨාශය වෙත මාරු කර තිබේ.

ඒ උතුරු පලාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා‍ ගේ නියෝග පරිදිය.

ඊච්චන්කුලම්, කල්මඩු ප්‍රදේශයේ පුරා විද්‍යා ස්ථානයක නිධන් වස්තු ලබා ගැනිමට පිරිසක් තැත් කර තිබුණේ ඊයේ (17) අලුයමය.මේ සම්බන්ධයෙන් වව්නියාව දිසා දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත ගොස් වටලා එක් සැකකරුවන් කැනිම් උපකරණ හා මොටර් රථයක්ද සමගින් අත්අඩංගුවට ගැනුණි.

එහිදි මෙයට ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා‍ගේ සම්බන්ධයක් ඇති බවට කරුණු සැල වි ඇත.ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විමටද උතුර භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

එහෙයින් ඔහුව මුලතිව් වලට මාරු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

t

o

p