ඉතියෝපියා හා ඉන්දුනිසියා ගුවන් අනතුරු දෙක සමානයි

March 18, 2019

ඉතියෝපියාවේදී සහ මීට පෙර ඉන්දුනීසියාවේදී බෝයින් 737 වර්ගයේ ගුවන් යානා අනතුරට ලක් වීම් අතර සමානකම් දක්නට ලැබෙන බව ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මීට සතියකට පමණ ඉහත දී ඉතියෝපියාවේදී බෝයින් 737 මැක්ස් එයිට් ගුවන් යානයක් අනතුරට ලක්වු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දුනීසියාවේදී මෙම ගුවන් යානයක් අනතුරට ලක් විය.

මෙම ගුවන් යානා දෙකෙහි අනතුරු සංසන්දනය කිරීමේදී එහි තාක්ෂණික වශයෙන් සමානකම් පවතින බවයි ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.

කෙසේවෙතත් ඉතියෝපියානු ගුවන් අනතුරට අදාළ මූලික වාර්තාව ලැබීම සඳහා දින 30 පමණ කාලයක් ගත වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

t

o

p