නඩුව නිම වන තුරු මන්ත්‍රීධූරයෙන් හා දේශපාලනයෙන් සමුගන්නවා

March 18, 2019

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්විමට තිරණය කළ බව ප්‍රකාශ කළේය.

අද (18) උදැසන සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි තමාගේ ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කල ඒ මහතා දැනට අධිකරණයේ තමාට විරුද්ධව පවතින නඩුවෙන් නිදොස් කොට නිදහස්වු දිනයක නැවත දේශපාලනයට එන බවද කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඔහු මෙසේ ද කිය.

දැනට මට විරුද්ධ අධිකරණයේ නඩුවත් තිබෙනවා.එහෙම නඩුවක් තියෙනවිට දේශපාලය කිරිම මට ඡන්දය දුන් ජනතාවටත් පක්ෂයටත් නායකයින්ටත් කරන අගෞරවයක් කියල හිතනවා.එනිසා කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මේ රත්තරන් දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කලා.

යම්කිසි කෙනෙක් හිතයි මම මේ චෝදනාවට බයේ ඉල්ලා අස් වෙනව කියලා.මේ චෝදනාව මට එල්ල කරපු අභුත චෝදනාවක්.චෝදනාව මා පිළිගන්නේ නැහැ.මටත් ඉන්නේ දූලා. ඒ අය පාරෙ බැහැල යන්න ඕනෑ.මම කව්ද කියල මගේ බිරිඳ දන්නවා.ළමයි දන්නවා.දෙමව් පියන් දන්නවා.අධිකරණය ස්වාධිනයි.එනිසා මා දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වෙලා අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දෙනවා.

මම දේශපාලනයට ඇවිල්ල සියලු සේසතම දන්දුන් කෙනෙක්.මුලු ජිවිතයම දේශපාලනයට කැප කලා.මේක මගේ තනි තින්දුවක්.අධිකරණයෙන් නිදොස් කොට නිදහස්වු පසු දේශපාලනයට එනවා.මට සහාය දුන් සියලුම දෙනාට ස්තුතිය පල කරනවා“

දහසය හැවිරිදි දැරියකට බර පතල ලිංගික අපයෝජයක් සිදු කිරිම සම්බන්ධයෙන් ඒ මහතාට විරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිට නඩුවක් පවරා තිබේ.

t

o

p