කිරිපිටි මිල නැංවිමට අවසර කිලෝවක් රුපියල් 60 කින් හා ග්‍රෑම් 400 රපියල් 25 කින්

March 16, 2019

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ.

ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දුන් බවකර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 370 දක්වාත් ඉහළ යනු  ඇත.

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමිමට අවසර ලබා නොදීම හේතුවෙන් කිරිපිටි සමාගම් කිරිපිටි ආනයනය නොකිරිම හේතුවෙන් පසුගිය දින කිහිය තුළ වෙළද පොලේ කිරිපිටි හිගයක් ද ඇති වුණි.

එම නිසා ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර ලබාදීමට සහ කිරිපිට මිල ඉහළ නැංවිමට අදාළ නව මිල සුත්‍රයක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉකුත් සතියේ හිමිවිය.

ඊට අනුව කිරිපිටි මිල ඉහළ නැංවිම සඳහා අදාළ සමාගම්වලට අවසර ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇති බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.

t

o

p