දුම්රිය වෘත්තීය සමිති නායකයෙකු මාසෙට ඇති පැය 720 න් 615 ක් අතිකාල දිමනා ඉල්ලයි

March 16, 2019

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලෝකෝ මෝටිව් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඊ.එච් ඉන්දික නොහොත් ඉන්දික දොඩම්ගොඩ මහතා ජනවාරි මාසයේ පමණක් අතිකාල සේවා පැය 615 ක් කළ බැවින් ඊට හිමි දිමනාව ගෙවන ලෙස ඉල්ලා අතිකාල ගෙව්මි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත.

දිනකට පැය 24 බැගින් මාසයටම ඇත්තේ පැය 720 ක කාලයක් වුවත් ඔහු ඉන් 615 ක් රාජකාරි කර ඇති බව දන්වමින් වංචා සහගත ලෙස මෙම අතිකාල ගෙවිම් ඉල්ලුම් පත වැටුම් අංශයට ඉදිරිපත් කර තිබේ.

ඉහල නිලධාරින් මේ ගැන පරික්ෂා කිරිමේදි ඔහු අතිකාල රාජකාරි කළ බවට සටහන් යොදා ඇති දින පරික්ෂා කිරිමේදි ඉන් දින 15 ක පමණ කාලයක් ඔහු පැමිණිමේ හා පිටවීමේ ලේඛනවල සිය අත්සන් යොදා නොමැති බවට හෙළි දරව් වී ඇතැයි දුම්රිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

ඒ ගැන ප්‍රශ්න කිරිමේදි ඔහු එම අත්සන් යෙදු බව කියමින් නොයෙක් හේතු ඉහල නිලධාරින්ට ඉදිරිපත් කළත් ඒවා පිළිගත නොහැකි කාරණා විම හේතුවෙන් ඉහළ නිලධාරින් ඔහුගේ අතිකාල පැයවලින් පැය 100 ක අධික සංඛ්‍යාවක් කපා දමා ඇත. ඔහු අතිකාල කල බව කියමින් යෙදු දිනවලින් බගයට බාගයක් නිවැරදි නොවුවද වෘත්තීය සමිති නායකයෙකු බැවින් ඔහුට ඉහළ නිලධාරින්ද බය පක්ෂපාත බැවින් පැය 100 ක සංඛ්‍යාවක් අඩු කර ඉතිරි පැය 515 ට අතිකාල ගෙවන ලෙස දැනුම් දි ඇත.

මොහුගේ වැටුපට සාපේක්ෂව මෙම රියදුරාට එක් අතිකාල පැයකට රුපියල් 250 ක පමණ මුදලක් හිමි වන බව දුම්රිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේය. වත්මන් රජය යටතේ දුම්රිය රියදුරන්ගේ වැටුප් වැඩි කර තිබියදි මෙලෙස හොරකම් කිරිම සදාචාර විරෝධි ක්‍රියාවක් යැයිද දුම්රිය සේවකයෝ පවසති.

දේශපාලනය කරමින් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිද විනාශ මුඛයට ඇද දමන මෙවැනි ලේකම්වරුන් ඉවත් කර දැමිය යුතු බවට දුම්රිය සේවකයෙකු ලංකා නිව්ස් පේජ් හා පැවසීය. සේවක වැටුම් මෙන්ම වෙනත් දේශපාලන කාරණා මුල්කර ගනිමින් වෘත්තීය අරගල කරන්නේ මෙවැනි හොරුන්දැයි දුම්රිය ලොකමෝටිව් ඔපරේටර්ස් ඉංජිනයර්ස් යුනියන් හි සාමාජිකයන් ප්‍රශ්න කර සිටියි.

මෙම දුම්රිය වෘත්තීය සමිත් ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රවාහන ඇමති ලෙස කුමාර වෙල්ගම සිටින කාලයේ දුම්රිය රියදුරු සේවයට එක්ව ඇති අතර මොහු එදා සිටම කර ඇත්තේ පොහොට්ටුවේ දේශපාලන උවමනාවන් බව දුම්රිය සේවකයෝ පවසති.

කෙසේ නමුත් මෙවැනි හොරකම් සම්බන්ධයෙන් ඉහළ නිලධාරින් ද මුනිවත රකින්නේ මොහු දේශපාලනයේ නිරතවුවකු නිසාවෙන් බවද සේවකයෝ සදහන් කරයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි.

 

t

o

p