බොරැල්ල OIC අනතුරට ලක් කර පලා යාම රටටම කැලලක් – අගමැති

March 14, 2019

 

බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා රියඅනතුරකට ලක්කර පලායාමේ සිදුවීම  මුළු  රටටම කැලලක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(13දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වගකිවයුතු පුද්ගලයින්, සමාජයේ තත්ත්වයක් ඇති පුද්ගලයින් මෙලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත්  තරාතිරම නොබලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අග්‍රමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

බොරැල්ල සිද්ධයේදී මම කවුරුවත් ඇතුලට දාන්නවත් කවුරුවත් එළියට ගන්නවත්  කටයුතු කළේ නැහැ. මට  එහෙම කරන්න උවමනාවකුත් නැහැ.

මේ සිද්දිය වුණ වාහනයේ අපේ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයකු පවා හිද තිබෙනවා.  එක වාහනයකින් මේ පොලිස් නිළධාරියා  යටකරගෙන ගියා. අනික් වාහනයේ අය ඒක දැකලත්  උදවු කරලත් නැහැ කාටවත් දැනුම් දිලාත් නැහැ.  ඔහු දවස් කිහිපයක් රොහ්ල් ගතව සිට මියගියා. මේ දෙකම අපරාධ. ඒ එකක්වත් අපි අනුමත කරන්නේ නැහැ. මේ සිද්ධිය රටටම කැලලක්. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. යැයි පැවසීය.

 

 

t

o

p