ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින අර්බුදය උග්‍රවෙලා මෙයට විසදුම මහමැතිවරණයයි

March 14, 2019

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර අර්බුදය උග්‍රවී ඇති බැවින් මහ මැතිවරණයකට යාම එයට පවතින සුදුසුම විසදුම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අයවැය කාරකසභා විවාද ආරම්භකරමින් ඊයේ(13දා) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේසේද කීවේය.

දැන් ජනාධිපතිවරයයි ආණ්ඩුවයි අතර ගැටීමක් තිබෙනවා. ආණ්ඩුවේ විවිධ පාර්ශව අතරත් ගැටුම් තිබෙනවා. මෙහෙම ඉදිරියටයන්න පුළුවන්ද. අර්බුදය නවත්වන්න කටයුකු කරන්න ඒක හොද නැහැ. මෙහෙම ආණ්ඩුවකට ඉදිරියට යන්න බැහැ. අපි හැමෝම එකතුවෙලා ඡන්දයකට යමු . මොකද මෙහෙම ප්‍රශ්න තියාගෙන යන්න කාටවත් බැහැ.   ඒවගේම මේ වැය ශිර්ෂයේදී මම කියන්න ඔන අල්ලස් කොමිසම කටයුතු කරන්නේ විපක්ෂයට විතරයි. ආණ්ඩුවට එරෙහි පැමිනිලි ගැන මොකුක් කරන්නේ නැහැ. මැතිවරණ කොමිසම මැතිවරණය අකුලනවා. පොලිස් කොමිසම පිළිබඳ විශාල විචේන තිබෙනවා, අල්ලස් කොමිසම සියළු දෙනාටම එකම නීතියක් තිබෙන්න ඕන. ආණ්ඩුවේ 13 කට එරෙහිව අපි අල්ලස් කොමිසමට  පැමිණිලි කරලා තියෙනවා. නමුත්  මේ වෙනකම් කිසිදෙයක් කරලා නැහැ. ආණ්ඩුවට එක නීතියක් විපක්ෂයට එක නීතියක් තියෙන්න බැහැ යැයිද හෙතෙම පැවසීය.

 

t

o

p