ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් ජිනිවා යාමෙන් රට හෑල්ලු වෙනවා

March 13, 2019

 

ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආණ්ඩුවේ ඇමතිවරයකු පැහැදිලි ප්‍රකාශයක් කිරීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අයවැය කාරකසභා අවස්ථා විවාදයට සහභාගීවෙමින් මන්ත්‍රීරවයා අද (13දා) පාර්ලිමේන්තුවේදී මේබව පැවසීය.

ශ්‍රීලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගී වී  පරස්පර අදහස් දැක්වීමෙන් රට හෑල්ලුවීමක් සිදුවන බවත් එබැවින් අමාත්‍යවරයකු එම ප්‍රකාශය සිදුකිරීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. මේ යෝජනාවට මුලිකත්වය අරගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජර්මනිය කැනඩාව කියන රටවල්. තිලත් මාරපන අමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ කණ්ඩායම මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයට සහභාගීවෙලා අපේ මතය ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. අපි කණ්ඩායම් දෙකක් හැටියට ගිහිල්ලා පරස්පර අදහස් ඉදිරපත් කරන එක නෙවෙයි අපි කළ යුත්තේ. 21 දා ඉදිරිපත්කරන යෝජනාවට සමඅනුග්‍රහය දක්වනවා කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය කියලා තියෙනවා. ඒයෝජනාවේ ලොකු දෙයක් නැහැ. නමුත් පරණ යෝජනා දෙකක් එකට සම්බන්ධ කරලා තියෙනවා. 21 දා තිලක් මාරපන ඇමතිතුමා රට වෙනුවෙන් එහිදී ප්‍රකාශයක් කරන්න ලැස්තිවෙනවා. එතුමා සමග කිහිපදෙනෙක්ම යනවා. සරත් අමුණුගම  රවීනාත් ආරියසිංහ , මහත්වරුනුත් සහභාගීවෙනවා. මෙතැන ප්‍රකාශයක් කළ යුත්තේ රජයේ ඇමතිවරයෙක්. රජයේ ඇමතිවරු ඉදිද්දි වෙන අය එතන ප්‍රකාශ කරනවනානම් ජනාත්‍යන්තර ප්‍රජාව එය පිළිගනනේ නැති තරම්. ඒ කරන ප්‍රකාශය සාමුහික ප්‍රකාශයක් වෙන්න ඔන.

 

t

o

p