ජනාධිපති ව්‍යවස්ථාව කඩල ගොට්ටක් ඔතන කඩදාසියකට තිබෙන ගෞරවයවත් දිලා නැහැ – අනුර කුමාර

March 13, 2019

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංගනය කරමින් කඩල ගොට්ටක් ඔතා තිබෙන කඩදාසියක තරමටවත් ගෞරවයක් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.

අය වැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් අද 13දා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර මහතා මේබව කීවේය.

ජනාධිපතිවරයාට එරෙහි චෝදනා රැසක් තිබුණ ද ඒ කිසිවකට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිළීතුරු නොදෙන බවද පැවසු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට  දුෂණ විරෝධී හඩ සංවිධානය   විශාල පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් කළා. ඒ පෙර පැවති ආණ්ඩුවේ සිදුවීම් . 2015 පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා , මහාමාර්ග අමාත්‍යවරයා , අග්‍රාමාත්‍යවරයාටට එරෙහිව පැමිණිලි කර තිබෙනවා. නමුත් විමර්ශන නැහැ. අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව දේශපාලන හස්තයක්  විසින් මෙහෙවනු ලබනවා. පැමිණිලි විශාල සංඛ්‍යාවක් විභාග කර තිබෙනවා. නමුත් නඩු දාලා නැහැ. එහෙම එකකට පාර්ලිමෙන්තුවෙන් සල්ලි වෙන්කර දෙන්න ඕනද? .  මහා පරිමාණ දුෂණ වංචා එකකටවත් 2018 දී නඩු පවරලා නැහැ. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය දවසසේවත් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාට  උත්තර දෙන්න තිබුණා. අල්ලස් කොමිසම අක්‍රීය කිරීම ගැන ජනාධිපතිවරයා වගකියන්න ඕ‍නේ.

 

 

 

t

o

p