ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන බුම්මා අල්ලයි

March 13, 2019

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින කංජිපාන ඉම්රාන්ගේ ගෝලයෙකු වන ජි බුම්මා පොලිස් විශේෂ  කාර්ය බලකාය මගින් අද (13) අලුයම ගම්පොල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාලිගාවත්ත පදිංචි මොහොමඩ් ශම්මුර් මොහොමඩ් සියාම් නොහොත් ජි බුම්මාය.

ඉකුත් පෙබරවාරි මාසයේදි කොටහේන ප්‍රදේශයේදි කංජිපාන ඉම්රාන්ගේ අනියම් බිරිඳ වු ආශා පාරි හෙවත් කුඩු චුටිට වෙඩි තැබිමේ ප්‍රධාන සැකකරුද වේ.එමෙන්ම මොහු තවත් අපරාධ රැසකට සම්බන්ධ වුවෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

t

o

p